ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන, දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
දැනට එම වැඩපිළිවෙළ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බව කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.
ඊට අදාල විභාගය සමත් වූ ශ්‍රවණාබාධිත පුද්ගලයින් 44දෙනෙකු සඳහා මේ වනවිට පුහුණු රියැදුරු බලපත්‍රය ලබාදී ඇති බව ද ඔහු සදහන් කරයි.