Colombo Today Local News

ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

පළමු වරට ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (16)දින ආරම්භ විණි.

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද එම ඉල්ලීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබේ.

මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේදී රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව හිමි වනු ඇති.

රටේ ජීවත් වෙන සියලු දෙනාට රියැදුරු බලපත්‍ර ලබා දීමේ වැඩසටහන මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති බව ත් ඉදිරියේදී එය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා සදහන් කරයි.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහතට

colombotoday

කෝටියක හෙරොයින් තොගයක් සමග 4ක් STF අත්අඩංගුවට

colombotoday

ට්‍රිලියන 10ක් විදෙස් ණය අරන්.. ඒත් රජයේ වත්කම් තියන්නේ ට්‍රිලියන 01යි.. ඉතිරි මුදල්වලට වෙච්ච දෙයක් නෑ

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

මාණික්කමඩු අදත් උණුසුම්.. කැරළි මර්ධනයත් කැදවයි.. විහාරයට දිවාරාත්‍රී පොලිස් ආරක්ෂාව

colombotoday

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday