Colombo Today Local News

පස්යාලේදී මෝටර් රථයක් පියා සහ දියණියට මරු කැදවයි

මීරිගම, පස්යාල මාර්ගයේ කොටකන්ද ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ.

ඊයේ සවස මීරිගම සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව පල්ලෙවෙල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කල්එලිය මීරිගම පදිංචි චන්දන නිශාන්ත නමැති 54 හැවිරිදි පුද්ගලයෙකු සහ නෙවින්දි දිල්ෂිකා 14 නමැති දැරියයි.

මියගිය දැරිය මීරිගම බණ්ඩාරනායක මහා විදුහල මහ විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

උපකාරක පන්තියකට සහභාගි වූ දැරිය බසයෙන් බැස ඒ ආසන්නයේ වූ නිවස කරා පියා විසින් කැඳවා ගෙන යමින් සිටියදී පිටු පසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් දෙදෙනා හප්පා නොනවත්වා පලා ගොස් ඇත.

පලායමින් යමින් සිටි මෝටර් රථය හා එහි රියදුරු කල්එලිය නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday

බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද අරඔයි

colombotoday

හොර දැව ඇද්දාට රුපියල් 60,000/= දඩයක්. | ලක්ෂ 50ක් වටිනා ලොරි රථය රාජසන්තකයි.

colombotoday

ජීවත්වීමේ අයිතිය ඉල්ලා වව්නියාවේ ගම්මාන 14ක සිංහල වැසියෝ වීදි බසී

colombotoday

සම්බන්ධන්, හකීම්, ගයන්ත සමග ජවිපෙ අනුර චීන සංචාරයක

colombotoday

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

Admin