Colombo Today Local News

දිවයින පුරා සතොස 300කට මත්පැන් බලපත්‍ර

දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට තිබේ.

ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතින අතර මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම හා මහජන විරෝධතා හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු උද්ගත වී ඇති බව ද පැවසේ.

සියලු සුදුසුකම් සපුරා නොමැති ඇතැම් සතොස වෙළෙඳ සල් සඳහා ද මෙම බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ද වාර්තා වේ.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් අනතුරුව සතොස ආයතනවල මත්පැන් අලෙවි කිරීමේ කවුන්ටර් විවෘත කිරීමට ද පියවර ගෙන ඇත.

මේ වනවිට දිවයින පුරා සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර හයදහසක් පමණ නිකුත් කොට තිබේ.

Related posts

ආණ්ඩුව අපේ කතා කිරීමේ නිදහස නැති කරලා තියෙන්නේ. – ඉරාජ් වීරරත්න

colombotoday

විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක්

Admin

චම්පික රණවක අමාත්‍යදුරයෙන් ඉල්ලා අස් වෙයි ? විපක්ෂ නායක වීමට මාන බලයි

colombotoday

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Admin

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

දවස් තුනට කොවිඩ් රෝගීන් 89ක්.. අවදානම තවමත් තුරන් වී නැහැ – හමුදාපති

colombotoday