Colombo Today Local News

සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්

සංචාරක වීසා මගින් මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් රැගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අද (11)දිනයේ සිට තහනම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත. මේ අනුව නුපුහුණු ක්ෂේත්‍රවල රැකියා සඳහා කාන්තාවන් රැගෙන යාම අත්හිටුවන ලෙස රැකියා නියෝජිත ආයතන වෙත දැනුම් දී තිබේ.

සංචාරක වීසා මගින් ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවලට ගොස් කාන්තාවන් අතරමංවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත්, මෙම වසර තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකය විසින් නීති විරෝධී ලෙස විදේශ ගතවීමට පැමිණි කාන්තාවන් 586 ක් නැවත හරවා යැවූ බවත් එහි සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ පවසයි.

සංචාරක වීසා මගින් රැගෙන යන කාන්තාවන් ලිංගික අපහරණය, පහරදීම, තාඩන පීඩනවලට ලක්වීම, ගණිකා මඩම්වලට විකිණීම සිදුවන බව ජනපතිවරයාගේ නියමයෙන් ඕමානයට ගොස් විශේෂ විමර්ශනයක් කළ කණ්ඩායම තහවුරු කරගෙන තිබිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඔත්තු සේවාව නියෝජනය කරන කණ්ඩායමක් ඕමානයට ගොස් කළ විමර්ශනයේදී ලිංගික වහල් වෙළෙඳාමට ලක්වීම ගැනද හෙළිකරගෙන තිබිණි.

සංචාරක වීසා මගින් ගිය කාන්තාවන් හාම්පුතුන් විසින් මිලක් ගෙවා ලබාගෙන ඇති බැවින් එරට නීතිය අනුව ඔවුන් ලංකාවට එවීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද නොහැකි බව මෙහිදී හෙළිවී ඇත.

මෙම වසරේ පමණක් විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ පැමිණිලි 570 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබී තිබේ.

Related posts

ජපානයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙක් මරුට… සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

colombotoday

මෙරටින් සොයා ගත් දිගම සෙල් ලිපිය දිඹුලාගල කඳු මුදුනෙන් හමුවෙයි

Admin

මැදවච්චිය වන විනාශය උග්‍ර වෙයි. අඩවි වන කාර්යාලයෙනුත් සහය

colombotoday

කච්චතිව් ඉන්දියාවට?

Admin

ආණමඩුවේ තරුණයාට තුන්වෙනි වරටත් කොරෝනා හැදුනේ කොහොමද?

colombotoday