Colombo Today Local News

මනු කියවන්නාට 1, 7 මාරු වී පාසල් සිසුවෙකුගෙන් ගුටි කා රෝහලේ…

කළුතර පයාගල ප්‍රදේශයේ නිවසක ජල මනු සටහන් කිරීමට ගිය මනු සටහන්කරුවෙකුට 17 හැවිරිදි පාසල් සිසුවෙකු විසින් පහරදී ඇතැයි පයාගල පොලීසිය පවසයි.

පහර කෑමෙන් තුවාල ලැබූ මනු සටහන්කරු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පයාගල ස්ථාන භාර නිළධාරී කාර්යාලයට අනුයුක්ත මනු සටහන් කරුවකු වන එන් ඩබ්ලිව් එම් කමල් ලසන්ත නමැත්තෙකි.

පහර කෑ ජල මනු සටහන්කරු උතුරු පයාගල ප්‍රදේශයේ ජල බිල්පත් නිකුත් කිරීමේ නිරතව සිට ඇති අතර සැකකරු සිසුවා පදිංචි නිවසේ ජල බිල්පතෙහි ඒකක 601 වෙනුවට වැරදීමකින් ඒකක 607 වශයෙන් සටහන් දැමීම සම්බන්ධයෙන් හැකි වූ කතා බහක් දුර දිග යෑමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

සැකකාර සිසුවා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සිසුවා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පයාගල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

බෙංගමුවේ හිමි ඇතුළු ජාතික සංවිධාන එකමුතුව ඒකාබද්ධ විපක්ෂයට දෙහි කපති !

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයා ලක්වාසීන්ගේ මූලික අයිතිවාසිකම් කැඩුවා: ජනපති වගඋත්තරකරු කර පෙත්සමක්

colombotoday

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

colombotoday

“අලුත් ව්‍යවස්ථාවකට ආණ්ඩුවට ජනවරමක් නෑ“- අස්ගිරි ලේඛකාධිකාරී හිමියෝ අවධාරණය කරයි

colombotoday

මුස්ලීම් කොවිඩ් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්

colombotoday