Colombo Today Local News

රට ගොඩනැගීමේ ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

රට ගොඩනැගීම සඳහා වන ජනාධිපතිවරයාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

ඊයේ (08) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය නිලධාරීන් සහ ලෝක බැංකු සාමාජිකයින් හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

මෙම හමුවට ලෝක බැංකුවේ දේශීය කළමනාකරු චියෝ කන්දා සහ ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයින් ද එක්ව සිට ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ, බැංකු අයවැය සහය සහ සංවර්ධන ප්‍රතිපත්ති සූදානම් කිරීමේ මෙහෙයුම ආරම්භ කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත් වූ බවයි.

රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමට මෙය හොඳම අවස්ථාව බව සාගල රත්නායක මහතා මෙහිදී පවසා ඇත.

ඉදිරි සති දෙක අවසානයේදී රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය රාමුවක් සැකසීමට අදාළ අවසන් වාර්තාව සකස් කිරීම, එහි මාර්ග සිතියම සැකසීම සහ ඒ අනුව සියලු දෙනා කැපවී කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාගල රත්නායක මහතා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

අපේක්ෂිත සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සමග කටයුතු කිරීමට ඉඩ සැලසීම සඳහා වේගවත් මූල්‍ය ආධාර සැපයීම, මූල්‍ය පාලනය පරිවර්තනය කිරීම, තරගකාරීත්වය ඉහළ නැංවීම යන කරුණු 3 ක් යටතේ මෙම මෙහෙයුම් සැලසුම් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ අපනයන විරෝධී නැඹුරුව අඩු කිරීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බවයි.

ණය කළමනාකරණය සහ විනිවිදභාවය, මූල්‍ය අධීක්‍ෂණය, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීම, මුදලෙහි වටිනාකම වැඩි කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය බිඳ දැමීම සහ ක්‍රමානුකූල අවදානම අවම කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයාගේ රට වෙනුවෙන් වූ ක්‍රියාකාරී ප්‍රතිපත්තියට සහය දක්වන බව මෙහිදී මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් මහතා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

රිෂාඩ් සහ රියාජ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

colombotoday

පානදුර රෝහල් මෘත ශරීර ගොඩ ගැසේ. – නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක්.

colombotoday

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

පාසල් ආරම්භක දිනය යලි කල් යයි

colombotoday

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday