Colombo Today Local News

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

ආංශික අධීක්ෂණ කාරක සභා දාහතක් සහ අලුත් කමිටු තුනක් අද පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ආංශික අධීක්ෂණ කාරක සභා අනුමත කර ගැනීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙසේ අලුතින් පත් කෙරෙන්නේ බැංකු මූල්‍ය කරණය පිළිබඳ කාරක සභාව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සහ ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව යන කාරකසභා තුනයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ තේරීම් කාරක සභාව අද රැස් වී මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද කතානායක වරයා පැවසීය.

Related posts

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday

පොහොට්ටුව-ශ්‍රීලනිප එක්වී මීගමු නගරසභාවේ බලය පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවේ ලන්සා

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

Admin

කසල තේ කිලෝ 1,890ක් සමග පුද්ගලයෙක් STF දැලේ…

colombotoday

“ලක්වාසීන්ගේ පීඩාකාරී මනසට සැනසීමක් ගෙන දුන්නාට ස්තුතියි” – හිටපු ජනපතිගෙන් ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම්

colombotoday

චීන දුම්රිය ධාවනයෙන් රියදුරෝ ඉවත්වෙති.. ගමන්වාර 120ක් අවලංගුයි.. හෙට දුම්රිය වර්ජනයක් !

colombotoday