Colombo Today Local News

දිවයින පුරා නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල

දිවයින පුරා නිවාස 15,000ක් පමණ නායයාමේ අධි අවදානම් කලාපවල පිහිටුවා ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ සියලු පවුල් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පවසයි.

ඔහු සදහන් කරන්නේ, මේ වනවිට ඉන් 3500කට ආසන්න පිරිසක ආරක්ෂිත ස්ථානවල නිවාස ඉදිකර දී ඇති බවයි.

මේ අතර, කළුතර,නුවරඑළිය,රත්නපුර වරකාපොල,කෑගල්ල,කොළඹ ඇතුළු දිස්ත්‍රක්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ, ඉංගිරිය, වලල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද නායයෑම් පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

Related posts

විග්නේෂ්වරන් වැරදි බව අධිකරණය තීන්දු කරයි !

colombotoday

මැති ඇමති, නිලධාරී රට ගමන්, වාහන මිලදී ගැනීමට කෝටි 1100ක පරිපූරකයක් පාර්ලිමේන්තුවට !

colombotoday

ගංජා භාවිතයෙන් පිස්සු හැදෙන්නේ නෑ. | ඒක පිළිගන්න බෑ.. පැනික් ඇටෑක් හැදෙනවා. | දේශීය වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරියකගෙන් පිළිතුරු.

colombotoday

ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවේ- අගමැති මහින්ද

colombotoday

මිනුවන්ගොඩදී පුද්ගල ඝාතනයක්

Admin

දඹුල්ල නැවතත් ගිනියම් වේ.. පොලිස් ආරක්ෂාව තර කරයි !!

colombotoday