Colombo Today Local News

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – “ගැප්” ක්‍රමයට ණය ගන්න රජය තීරණය කරයි

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කර තිබේ.

ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටතේ වාණිජ ණය ලබා ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව රජය පෙන්වා දෙයි.

එම නිසා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් තාවකාලිකව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක පවතින තත්ත්වයන් නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (10) දිනයේ දී ලබා දී තිබුණි.

අවධානමට ලක්ව ඇති රටවලට සහනදායී ආධාර ලබාදෙන ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) කටයුතු කරයි.

ඒ අනුව අතරමැදි සහනදායි ණය වැඩසටහන (Reverse graduation) ඉතා කෙටි කාලයකට පමණක් අනුගමනය කිරිමට රජය තීරණය කර තිබේ.

මෙම ක්‍රමවේදය “ගැප්” ලෙස හඳුන්වන අතර, ඉන්දුනිසියාව ඇතුළු රටවල් 12ක් මෙම ක්‍රමවේදය දැනටමත් උපයෝගි කරගෙන සහනදායී ණය ලබා ගෙන තිබේ.

Related posts

කොවිඩ් දේහ භූමදානය සම්බන්ධ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ..

colombotoday

පරිසර ඇමතිගේ මල්ලි පරිසරය වනසන තීන්දුවක..

colombotoday

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් වලින් රුපියල් කෝටි 26ක දඩ

Admin

කැබිනට් රැස්වීමේදී අමුතු දෙයක් වෙයි… අසුන්ගෙන සිටියදීම ජනපතිගේ අසුන දෙදරයි !

colombotoday

දෙමුහුන් අධිකරණ ඉල්ලන ගොන් තකතීරු වැඩ කරන්න එපා – ඩිලාන් පෙරේරා සුමන්තිරන්ට කියයි

colombotoday

“ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි”

colombotoday