Colombo Today Sports News

පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාම්බේ කණ්ඩායම සහභාගීවූ පළමු පුහුණු තරගය ලකුණු 33කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී ආරම්භ වූ එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාම්බේ කණ්ඩායම සමත් විය.

ඒ අනුව, සිම්බාම්බේ කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 188ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් රැස් කළ අතර පැතුම් නිස්සංක ලකුණු 21 රැස්කළේය.

නමුත් පිළිතුරු වශයෙන් සිම්බාම්බේ කණ්ඩායමට සිය පන්දු ඕවර 20 තුළදී ලබාගත හැකිවූයේ කඩුලු 5ක් දැවී ලකුණු 155ක් පමණි.

ඒ අනුව තරගය ලකුණු 33කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය ලබන 13 වනදා අයර්ලන්තය සමග පැවැත් වෙයි.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වන දින ආරම්භ වීමට නියමිතය.

Related posts

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක් කරන්න අනුමැතිය ලැබෙයි

Admin

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

දෙවැනි එක්දින තරඟය අද

colombotoday

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Admin

LPL තරඟාවලියේ කණ්ඩායමක් මිලට ගැනීමට ශාරුක් ඛාන් සුදානමක

colombotoday