Colombo Today Local News

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

මහ කන්නයේ වී වගා කිරීම සඳහා මේ මස 20 වැනිදා ජලය නිකුත් කරන බව මහවැලි අධිකාරිය පවසයි.

වැලිකන්ද, ගිරාඳුරුකොට්ටේ, සහ කලාවැව යටතේ මහවැලි H කලාපයටත් ජලය නිකුත් කරන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සංවර්ධන නෙවිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊට අමතරව නාච්චාදුව සහ රාජාංගනය වැව් සඳහාද ජලය නිකුත් කරන බව ඔහු සඳහන් කරයි.

කලාවැව මේ වන විට 85% ක් ප්‍රමාණයක් ජලයෙන් පිරි තිබේ.

මෙවර හෙක්ටයාර් අනු හය දහස් හාරසිය තිස් අටක ප්‍රමාණයක වී වගා කිරීමට සැලසුම් කර ඇති බව නෙවිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

“තවමත් ඇමති මමයි“…. චම්පික රණවක නැවතත් ඇමති පුටුවේ වාඩි වෙයි…

colombotoday

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

colombotoday

පුද්ගලික රෝහල් හෘද සැත්කමට 15%ක වැට් බද්දක්.. සැත්කම් ගාස්තු රු ලක්ෂයකින් ඉහළට !

colombotoday

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

Admin

සිවිල් ගුවන් අධිකාරිය, කැබිනට් තීරණයටත් උඩින් ගිහින් ලක්ෂ 76ක් ගිලලා.. විගණන වාර්තාව මෙන්න

colombotoday

රනිල්ට සහාය පළකළ යෝජනාව පිළිගන්නේ නෑ – කෙහෙළිය

colombotoday