Colombo Today Local News

උද්ගෝෂණයකට කඩා පැන තග දමලා… සෝලංගආරච්චිට මරික්කාර්ගේ පිරිසක් හූ කියයි!

බස්නාහිර පළාතේ කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාශයේ ආදේශක ගුරුවරුන් නොමැතිව ගුරුවරුන් වෙනත් කොට්ඨාශ වෙත මාරු කර යැවීමට විරෝධය පල කරමින් අද බස්නාහිර අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දෙමව්පියන් හා කොළොන්නාව ප්‍රෙද්ශවාසීන් පිරිසක් විසින් පැවැත්වූ උද්ගෝෂණයනයක් නවතා දමන ලෙස ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් කළ බැලපෑමක් හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.

අදාළ උද්ගෝෂණය සංවිධානය කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා වන අතර එම පිරිසට බැන වැදි උද්ගෝෂණය විසුරුවා හැරීමට පැමිණි ප්‍රසන්න සෝලංගආරච්චි මහතාට රැස්වසිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ලී වී ඇති අතර එම පිරිසගේ හූ හඩ මධ්‍යයේ ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැ.

කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ ගුරුවරු 67 ක හිඟයක් ඇති බව පැවසෙන අතර එසේ තිබියදී ආදේශක ගුරුවරුන් නොමැතිව තවත් ගුරුවරු 11 දෙනෙකුට වෙනත් කොට්ඨාසවලට ස්ථානමාරු දී ඇතැයි වාර්තා වේ.

අදාල ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට උද්ගොෂකයන් අතර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් වෙත බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා අවස්ථාව ලබා දී ඇති අතර එහිදී ගුරු හිඟය මගහැරීමට ප්‍රමුඛතාව දෙනබවට අමාත්‍යවරයා ඔවුන්ට පොරොන්දුවී ඇතැයි පැවසේ.

Related posts

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

colombotoday

සහජීවන වන්දිභට්ටයිනි.. ගුටිකෑ සිසුන්ට නොව, ගුටි කෙළී සසිදරන්ලාට ඔය කිය සහජීවනය උගැන්වූවානම් මැනවි

colombotoday

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

මුස්ලිම් ජාතීන්ට පමණක් සිරි සැප ගෙනෙන හිස්බුල්ලාගේ ‘අපේ සිහිනය’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී !

colombotoday

ඕවල් පිටිය ඉදිරිපිට කොටි විරෝධතාවක්

colombotoday

රටවල් දෙකකන් ඖෂධ පරිත්‍යාගක්

colombotoday