Colombo Today Local News

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව 7500කට උසස් වීම්

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 7500 දෙනකුට උසස් විම් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය මත මෙම උසස්වීම් ලබාදී ඇති බව හෙතෙම පවසයි.

යුද හමුදාවේ 73 වන සංවත්සරය සහ යුධ හමුදා දිනය අද (10) දිනට යෙදී තිබිණි.

උසස්වීම් ලද මෙම පිරිස අතර නිලධාරීන් 372 දෙදෙනෙකුත් සහ සෙසු නිලයන් 7127 පිරිසක් සිටින බව යුද හමුදා ප්‍රකාශකවරයා කීය..

උසස්වීම් ලද නිලධාරීන් අතර යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මේජර් ජෙනරල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 28 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 35 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයටත්, කපිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු මේජර් නිලයත්, ලුතිතන් නිලයේ නිලධාරීන් 63 දෙනෙකු කපිතන් නිලයටත්, සහ දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 93 දෙනෙකු ලුතිතන් නිලයටත් වශයෙන් මෙම උසස් වීම් සිදු කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

colombotoday

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

colombotoday

අගමැතිගේ පඹයන් ගිනි තබා දඹුල්ලේ විරෝධතා !!

colombotoday

වෙල්ගම ගැන ඒකාබද්ධය තීන්දුවක් ගන්න යයි….

colombotoday

චීන කොඩිය එසවීමෙන් තහවුරුයි.. හම්බන්තොට වරායේ ක්‍රියාත්මක වන්නේ චීන නීතියයි

colombotoday

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක්

Admin