තමන්ට පෙනෙන ආකාරයට 22 වන සංශෝධනය හබක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ එකඟත්වයක් නොමැතිවීම හේතුවෙන් අර්බුදයක් මතුව තිබෙන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (6) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.