World

වසර 03කින් එළිදැක්වීමට නියමිත GTA 6 හැක් කළ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

තවත් වසර 03කින් එළිදැක්වීමට නියමිත Rockstar Games හි GTA 6 පරිඝනක ක්‍රීඩාවේ දත්ත හැක් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතානයේ 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි දත්ත අන්තර්ජාලය හරහා බෙදා හැර ඇති බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර, එලෙස දත්ත පිටවීමක් සිදු වී නොමති බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම තරුණයා Uber සමාගමේ දත්තවලටද අනවසරයෙන් ඇතුලු වී ඇති බවයි.

ඊට අමතරව මයික්‍රොසොෆ්ට්, එන්වීඩියා වෙත ද ඇතුලු වී ඇති මෙම තරුණයා මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබු බවයි ඇතැම් විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ.

එසේම Lapsus$ නම් හැකර්වරුන්ගේ කණ්ඩායම සමඟ මෙම තරුණයා සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

ඉදිරි දිනවලදී තවත් සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට FBI කටයුතු කරමින් සිටින බවද සඳහන්.

සැකකරු බාලවයස්කාරයෙකු වන බැවින් සම්පූර්ණ තොරතුරු තවමත් ප්‍රකාශ කර නැහැ.

Related posts

අමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසදිතයා වාර්තා වෙයි

colombotoday

වසර 2,200ක් පැරණි බුදු පිළිම ද්විත්වයක් හමුවෙයි

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකුට තුවාල

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday

ඇමරිකාවේ ජනපති පුටුවට කරට කර සටනක්

colombotoday

බුර්කාව එපා…!!! මන්ත්‍රීවරිය බුර්කාවක් හැද පාර්ලිමේන්තු එයි..

colombotoday