Colombo Today Local News

බඩල්ගම කඩේකින් සිලින්ඩර් 122 ක් උස්සා යකඩ වලට විකුණලා

බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකින් රුපියල් ලක්ෂ 50 ට ආසන්න වටිනා කාබන් මොනොක්සයිඩ් වායුව සහිත සිලින්ඩර් 122 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා එම ආයතනයේ සේවකයන් බවද පොලිසිය සඳහන් කරයි.

මොවුන් ඉකුත් (25) දින මෙම සොරකම සිදුකර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව බඩල්ගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් තිදෙනා ඊයේ (26)දින අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මේවා යකඩ කිහිපයකට අලෙවි කර තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හලාවත, කුරුවිට, රඹුක්කන යන ප්‍රදේශවල පදිංචි වයස අව්රුදු 27, 29, 30 යන වයස්වල පසුවන්න බවද පොලිසිය කියයි.

සැකකරුවන් අද (27) පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

මහින්ද වසර දහයකින් කළාට වඩා සජිත් මාස දහයකින් කළා

colombotoday

“මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට අඳුරු යුගයක සෙවනැලි මතුවෙනවා”

colombotoday

මල්වතුහිරිපිටිය භික්ෂූ ඝාතන සිදුවීමේ වෙඩික්කරු අත්අඩංගුවට

Admin

ක්‍රීඩා සංගමයක හා සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ජනපති සහ නේපාල අගමැති අතර නිල හමුවක්

Admin

හෙට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday