Colombo Today Local News

රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදී

දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස් කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් අයකරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි මෙම විමර්ශනය මෙහෙයවා ඇත.

ඒ අනුව, විමර්ශන නිළධාරීන් අදාළ ස්ථානය වැටලීම් කර ඇති අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේ තරුණ තරුණියන් රැස්කර ජපානයේ හා දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳහා ලියාපදිංචි ගාස්තු වශයෙන් රු.1500.00 බැගින් මුදල් අයකර ඇති බවයි හෙළි වී ඇත.

එම ස්ථානයේ තිබී රු.77,000.00 ක මුදලක්ද, බර කිරන තරාදිය, ඇස් පෙනීම පරික්ෂා කරන අක්ෂර හා ඉලක්කම් පුවරු දෙකක්, කොරියාවේ හා ජපානයේ නොමිලේ රැකියා ලබාදෙන බව පවසා ප්‍රදර්ශනය කළ බැනරයක් නඩු භාණ්ඩ වශයෙන් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධිව තරුණ තරුණියන් රැකියා සඳහා බඳවා ගැනීමට උත්සහ කිරීමේ වරදට අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැර තිබේ. නඩුව ඔක්තෝම්බර් 28 දින යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related posts

දෙමළ අයිතිවාසිකම් සිංහලයන් තෑගි දෙන්නේ නෑ, අරගල කර දිනාගත යුතුයි. සෝල්හයිම් දෙමළ ජාත්‍යන්තරය අවුලවයි

colombotoday

වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මිය ගිහින්

Admin

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

colombotoday

ආණ්ඩුවේ අලුත් වැඩෙන් ත්‍රිවිධ හමුදාව තවත් යුද්ධයක පැටළෙයි…

colombotoday

ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 වැඩි තද වැසි

Admin

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday