Colombo Today Local News

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි 7දෙනාගෙන් 4ක් වෛද්‍ය සිසුන්

යුක්රේනයේ රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනාගෙන් හතර දෙනෙක් වෛද්‍ය සිසුන් බවත් තුන් දෙනෙක් ශ්‍රමිකයන් බවත් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය පවසයි.

එම ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාවය ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය අනාවරණය කළේය. ඒ අය නමින් නිලෝජන් වසන්තකුමාර් (20),උදයකමර් මේරි එඩිඩ් ප්‍රේමා (50),ශාරුජන් ඥානේෂ්වරන් (25), තිනීස් ජොකෙන්තිරන් (34), දිලුක්ෂාන් රොබට්ක්ලයිව් (25), දිලුජන් පත්තිනජකන් (20), අයිංකරනාදන් ගනේෂමූර්ති (38) නම් වේ.

මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ යුක්රේන පොලිසියේ පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියාද මුදවා ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගී විය. එහිදී ශ්‍රී ලාංකිකයන් 7 දෙනා වධ හිංසා වලට ලක්ව ඇතැයි ප්‍රකාශ විය.

මෙම පිරිස වොව්චාන්ස්ක් නගරයේ තවත් යුක්රේන ජාතිකයින් 20 දෙනකු සමග රඳවාගෙන සිටි බව පැවැසෙයි. එහිදී මොවුන් සනීපාරක්ෂක සේවකයින් ලෙස සේවය කළ බව ප්‍රකාශ කර ඇත. පිරිමි හයදෙනා උඩුමහලේ විශාල කාමරයක රඳවා ගෙන සිටි බවත් කාන්තාව කලුවර කුටියක රඳවාගෙන සිට ඇත.

මොවුන් රඳවාගෙන සිටි කාර්මාන්ත ශාලාව වධකාගාරයක් බව යුක්රේන පොලිසිය පවසා තිබේ.

Related posts

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් පාසල්වලට ගැනීම මසකින් කල් යයි

colombotoday

ලිට්‍රෝ සභාපති බයිලා ගහනවා. මිනිස්සු ගෙවල්වල ගිනිගන්නවා.. සභාපති ගහලා එළවන්න ඕනේ.

colombotoday

ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය වහාම මැදිහත්විය යුතුයි – මල්වතු පාර්ශ්වය

colombotoday