Colombo Today Local News

අගමැතිට මාධ්‍ය භීතිකාව වැළදිලා.. මාධ්‍යවේදීන්ට බල්ලා, ගෙම්බා, රීරියකා කියනවා… මේකද මාධ්‍යට දුන්නු අපමණ අගය

jnp ijk

තම දේශද්‍රෝහී ක‍්‍රියා පිළිවෙත රට හමුවේ අනාවරණය කරන මාධ්‍යවේදීන්ට බිය වීමෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ‘මාධ්‍ය භීතිකාව’ නැමති රෝගය වැලදී ඇති බවත් එය දිනෙන් දිනම උත්සන්න වෙමින් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පිටකෝට්ටේ, කෝට්ටේ පාර, ඊ.ඩබ්ලිව්. පෙරේරා මාවත, අංක 342/1/4, යන ලිපිනයෙහි පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද පැවසීය.

‘‘පසුගියදා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ‘සංහිඳියාව සඳහා වූ කාර්ය සාධක බලකාය’ පිහිටුවනු ලැබුවා. ජිනීවා මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් ශ‍්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාවේ මෙවැනි කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතුයි, කියා නිර්දේශකර තිබෙනවා. ඊට පෙර 2015 පෙබරවාරියේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මානව හිමිකම් කොමසාරිස්වරයාට යවනු ලැබූ ලිපියේ ද මෙවැන්නක් පිහිටුවීමට එකග වී තිබෙනවා. මෙම කාර්ය සාධක බලකායට උපදෙස් ලබාදන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු විසිනුයි.

මෙම සංහිඳියාව සඳහා වූ කාර්ය සාධක බලකායට මූලික කාර්යයන් හතරක් පැවරෙනවා. ඉන් පළමුවැන්න තමයි, ‘සත්‍ය සෙවීම.’ දෙවැන්න, ‘යුක්තිය ඉටු කිරීම.’ තුන්වැන්න, ‘වින්දිතයන්ට සහන සැලසීම.’ හතරවැන්න, නැවත සිදුවීම වැළැක්වීම.’ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන්ගේ වාර්තාවෙහි යෝජනා 51ක් ඇතුළත් වෙලා තිබුණා. එම වාර්තාව මත පදනම්ව ශ‍්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය සම අනුග‍්‍රාහකත්වයෙන් ගෙන ආ යෝජනාවලියේ තවත් යෝජනා 20ක් ඇතුළත්ව තිබුණා. මෙම කාර්ය සාධක බලකායට පැවරෙන වගකීම තමයි ඉහත මූලධර්ම 4 මත පදනම්ව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි වන ඇතැම් යෝජනා සහ ජිනීවා යෝජනා 20 ක‍්‍රියාත්මක කිරීම.

මේ අනුව පිහිටුවනු ලැබූ කාර්ය සාධක බලකායට වැඩ ලැයිස්තුවක් ලබාදී තිබෙනවා. පළමුවැන්න ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ ක‍්‍රියාවලිය දියත් කිරීම. දෙවැන්න තමයි, සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම. එදා එවැනි ක‍්‍රියාදාමයකට ආවේ එරික් සෝල්හයිම් වැනි සුදු සුද්දෙක්. මෙදා දකුණු අප‍්‍රිකානු කළු සුද්දෙකු පැමිණීමට නියමිතයි. තෙවැන්න තමයි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයක් කොළඹ පිහිටුවීමට අදාළ යටිතල පහසුකම් සැපයීම. තවත් එකක් තමයි, හමුදාව ප‍්‍රතිසංවිධානය කිරීම. මේ වන විටත් අපේ හමුදාව ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් විසින් පවුම් මිලියන 6.6ක් ලබාදීම සඳහා එකග වී තිබෙනවා. ඒ වගේම පනත් සංශෝධනයට අදාළ යටිතල පහුසකම් සැපයීම මීට අදාළ තවත් කටයුත්තක්. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, මහජන ආරක්‍ෂක ආඥා පනත ඇතුළු පනත් ගණනාවක් සංශෝධනය මීට අදාළව සිදු වෙනවා.

මෙම කාර්ය සාධක බලකායේ වැඩ ලැයිස්තුව තුළ තිබෙනවා, ‘අන්තර්කාලීන යුක්තිය පසිදලීම’ කියා කටයුත්තක්, එමගින් සිදු වන්නේ, යුද අපරාධ චෝදනා නැගුණු හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන්ට එරෙහිව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට මත්තෙන් පරිපාලනමය තීන්දු ගැනීම. උසස්වීම් වැළැක්වීම, දේශීය සහ විදේශීය පුහුණුවීම් වැළැක්වීම, දැනට හොබවන තනතුරෙන් පහත හෙළීම, ස්ථාන මාරුකිරීම් හා අවසාන වශයෙන් තනතුරෙන් පහ කිරීම මේ යටතේ සිදු කරන්න පුළුවන්. දැනටමත් මේ කටයුත්ත හෙමින් හෙමින් සිදුවෙමින් පවතිනවා.

‘කවුද මේ පනින රිලවු?’

ඒ වගේම මේ කාර්ය සාධක බලකායට අයත් වැඩ ලැයිස්තුවෙහි තිබෙන ප‍්‍රධානතම කාර්යයක් තමයි බලය බෙදීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම. දැන් සම්බන්දන්ලා, සුමන්තිරන්ලා ඊළම ඉල්ලනවා. වෙනත් බෙදුම්වාදී සංවිධාන ද ඊළම ඉල්ලන තැනට ඇවිත් තිබෙනවා. මේ ‘පනින රිලවුන්ට’ ඉනිමං බඳින කටයුත්තකුත් පසුගියදා සිදු වුණා. ඔබට මතක ඇති සිරිසේන-වික‍්‍රමසිංහ දින 100 ආණ්ඩුව බලයට ඇවිල්ලා දින කිහිපයකින් දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට බලවත් හිසරදයක් වුණු උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහත්මයා ඉවත් කරපු හැටි. ඒ වෙනුවට දමපු පලිහක්කාර මහත්තයා මගින් ඔවුන් බලාපොරොත්තු වුණේ තම බෙදුම්වාදී උවමනාවන් ඉටුකර ගන්න. නමුත් ඉඩම්, පොලිස් හා මූල්‍ය බලතල ලබාදී, උතුර නැග‍ෙනහිර බෙදී වෙන්වී යාමේ ඉමට තල්ලූ කිරිමේ ඒ මහා පාපකර්මයට පලිහක්කාර මහත්තයා කර ගැහුවේ නැහැ. ඒ නිසා ඊළාම්වාදීන් ඔහුවත් ඉවත් කරන ලෙස ඉල්ලූවා. දැන් මේ ඊළම ඉල්ලන තැනට පත් වුණු ‘පනින රිලවුන්ට’, ඉනිමං බදින්න හොඳට හැකියාව තියෙන කෙනෙක් උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙනවා. එයා තමයි හිටපු බස්නාහිර මහ ඇමති රෙජිනෝල්ඞ් කුරේ.

‘මෙයා අසූචි වුණත් රසකර කර කයි’

ඔහු බෙදුම්වාදී මනසකින් හෙබි චන්ද්‍රිකා කුමාරතුංගගේ අන්තේවාසිකයෙක්. මෙයා ‘ෆෙඩරල් ඔස්තාර්’ කෙනෙක්. ‘උතුරට වෙළුපිල්ලේ පිරබාහරන් කැමති විසදුමක් දෙන්න. එහෙම තමයි මේ ජනවාර්ගික ගැටළුව විසඳිය හැක්කේ’ කියලයි එදා රෙජිනෝල්ඞ් කුරේ කිව්වේ. ඒ විදිහට ඊළම පුදන්න සැදී පැහැදී සිටින කෙනෙක් තමයි මේ සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව දැන් උතුරේ ආණ්ඩුකාර ධුරයට පත්කර තියෙන්නේ. ඔහු අපූරු පුද්ගලයෙක්. ඔහුට අසූචි වුණත් කන්න පුළුවන්. කන්න පුළුවන් විතරක් නොවෙයි, අසූචි කාලා ඒක සාධාරණීකරණය කරලා මනරම් උත්තර ටිකකුත් දෙන්න පුළුවන් ‘ඔව් මම අසූචි කෑවා. අසූචි හරි රසයි. අසූචි කෑවාම ඇග හැඩ වෙනවා, පුරුෂ ශක්තිය වැඩි වෙනවා.’ කියලා. ඔහු ‘මුල්’ කුණු වුණු, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම සට්ටඹි වැඩක් කරන්න පුළුවන් පුද්ගලයෙක්. එහෙම පුද්ගලයකු උතුරේ ආණ්ඩුකාර ධුරයට දැම්මාම මේ කාර්ය සාධක බලකායට තම බලය බෙදීමේ කටයුත්ත හොඳින් ගෙන යන්න පුළුවන්.

මේ කාර්ය සාධක බලකායේ ඉන්න පුද්ගලයන් දෙස බලන්න. මේ අය රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන ඩොලර් කාක්කන් හා ඩොලර් කාක්කියන්. මනෝරි මුත්තෙට්ටුවේගම, පාක්‍යසෝති සරවනමුත්තු, ගාමිණි වීයන්ගොඩ, චිත‍්‍රලේඛා මව්පාගුරු, කේ.ඩබ්ලිව්. ජනරංජන, ධර්මසිරි බණ්ඩාරනායක, විශාඛා ධර්මදාස, ශාන්තා අභිමානසිංහම්, ෆර්ෂානා හනීපා, ගම්මිලී සමරසිංහ හා මිරාක් රහීම්. මේක ‘සංහිඳියාව සඳහා වූ කාර්ය සාධක බලකායක්’ නොවෙයි. මේකේ ඉන්න ෆෙඩරල් ඔස්තාර්ලාට උවමනා රට බෙදන්නයි. ඒ නිසා මේක ‘රට බෙදීම සඳහා වූ කාර්ය සාධක බලකායක්’ ලෙසයි මේ රටට ආදරය කරන සියලූ දෙනා තේරුම් ගත යුත්තේ. දැන් ඉතා පැහැදිලියි සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව මේ රට ඇදගෙන යන්න හදන්නේ 2002 තිබුණ තැනටමයි කියලා. රට බෙදලා එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ දුර්වල රාජ්‍යයන් තුනක් ඇති කරලා සිංහල, දෙමළ, මුස්ලිම්, ජාතික සමගිය සදහටම අතුරුදහන් කරවීමටයි මේ අය හදන්නේ. දකුණු ආසියාවේ ලිබියාව, ඉරාකය, ටියුනීසියාව බවට ශ්‍රී ලංකාව පත් කිරිමේ කාර්යයයි ඇත්ත වශයෙන් මේ කාර්ය සාධක බලකායට පවරා ඇත්තේ.

ඊළග ‘රිචඞ් ද සොයිසා‘ කවුරුන් විය හැකිද?

‘දන්නෝ බුදුන්ගේ ගීතය’ ඔපෙරා ශෛලියෙන් ගායනා කිරීම සම්බන්ධව නිදහස් දිනයෙන් පසුව දෙරණ අරුණින් මාධ්‍යවේදී සංඛ අමරජිත් ඔහුගේ ඇසින් විවේචනයක් සිදු කරනු ලැබුවා. ඒක ඔහුගේ අයිතියක්. ඊට පසුව ඔහුට අත් වූ ඉරණම කුමක්ද? අපට මේ මොහොතේ සිහියට නැගෙන්නේ මීට වසර 26කට පෙර, එනම් 1990 පෙබරවාරි 19 වැනිදා අපෙන් උදුරාගත්තු රිචඞ් ද සොයිසා නම් වූ විශිෂ්ට මානවවාදියා. අද රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අත වනන්නේ ඒ වගේ ‘බිල්ලක්’ ඉල්ලා නොවෙයිද?

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මාධ්‍යයට ගහන්න පටන් ගත්තේ පසුගිය වසරේ කුරුණෑගලදී දිවයින ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන්ස් මහත්මයාට ‘ජාතිවාදය අවුස්සන සක්කිලියා’ කියලා බැන වදිමින්. දින 100 ආණ්ඩුවේ අගමැති විදිහටයි රනිල් වික‍්‍රමසිංහ මේ තර්ජනය කළේ. මෙයා එතැනින් නතර වුණේ නැහැ. පසුගියදා පාර්ලිමේන්තු වරප‍්‍රසාද පාවිච්චි කරලා දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් සහෘදයාට ‘රීරි යකා’ කියලා බැන වැදුණා. දිවයින පුවත්පතේ විදේශ ප‍්‍රවෘත්ති කර්තෘ කිර්ති වර්ණකුලසූරිය මහත්මයාට ‘ගෙම්බා’ කියලා බැන වැදුණා. එතැනිනුත් නතර නොවී පසුගියදා බදුල්ලෙදී ‘විශේෂ ප‍්‍රකාශයක්’ කරමින් දෙරණ මාධ්‍යවේදී සංඛ අමරජිත් සහෘදයාට ‘බල්ලා’ කියමින් බැන වැදුණා. වික‍්‍රමසිංහ මහත්තයෝ දැන් ඔයාට රට ගැන, අපේකම ගැන කතා කරන මාධ්‍යවේදීන් ‘බල්ලෝ’ විදියට ද පෙනෙන්නේ? රනිල් වික‍්‍රමසිංහ මාධ්‍යවේදීන්ට ‘සක්කිලියා, රීරි යකා, ගෙම්බා, බල්ලා’ කියමින් බැන වදිනකොට ජනවාරි 08 වැනිදා රටට අපමණ අගයක් ගේනවා කියපු සිරිසේන මහත්තයාගේ ‘කටේ පිට්ටු’ හිරවෙලා. ඒවා ගැන කථා නැහැ. මේකද සිරිසේන මහත්තයෝ මාධ්‍යවේදීන්ට දීපු අපමණ අගය? ‘තරු පහේ මාධ්‍ය නිදහස’ කියන්නේ මේකටද?

‘බටලන්ද නිර්මාතෘ ඩග්ලස් පීරිස් ලංකාවට ගෙනල්ලා’

එදා රාජපක්‍ෂ පාලන සමයේ මාධ්‍ය නිදහස ඉල්ලලා කෑගහපු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජනතා විමුක්ති පෙරමුණ, බි‍්‍රතාන්‍යය ඇතුළු බටහිර තානාපති කාර්යාල අද නිහඩයි. මේක සුළුකොට තකන්න එපා! රනිල් වික‍්‍රමසිංහගේ මේ හැසිරීම අපට පහුගිය දිනවල මතකයට නැගුවේ, එයා විජේදාස ලියනාරච්චි වැනි මානව හිතවාදීන් බටලන්ද වදකාගාරය තුළ වද විඳලා මැරෙන ආකාරය බලලා සතුටු වුණු ආකාරය. මේ රනිල් වික‍්‍රමසිංහ අත වනන්නේ එයාගේ සුපුරුදු භාවිතයට. බටලන්ද නිර්මාතෘ, ඩග්ලස් පීරිස් පොලිස් අධිකාරිවරයා දැන් යළිත් රනිල් වික‍්‍රමසිංහ මේ රටට ගෙන්වාගෙන තියෙන්නේ. බටලන්දේ වධකාගාරයේදී දස වද දීලා මානව හිතවාදීන් දහස් ගණනක් මරා දමපු රටින් පැනගොස් සැගව හිටපු ඩග්ලස් පීරිස්, තමන් සිංහාසනාරූඪ වුණාට පස්සේ රනිල් විසින් යළි ගෙන්වා ගන්නේ තරුණයන්ට ධර්ම දේශනා කරන්නද? ඩග්ලස් පීරිස් ගෙන්වා ගත්තේ වෙන දෙයකට නොවෙයි, තමන්ට අවනත නොවන මාධ්‍යවේදීන් ඇතුළු පිරිස් දඩයම් කරන්න, මර්දනය කරන්න. මාධ්‍යවේදී සහෘදයනි, ඔබ ඔබේ හෘදසාක්ෂියෙන් අහන්න ‘රිචඞ් ද සොයිසා ඝාතනයෙන් වසර 26කට පස්සේ ඒ ඉරණමට පාත‍්‍රවන මාධ්‍යකරුවා මා විය නොහැකිද?’ කියලා. ‘‘

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Related posts

නාවක්කුලියේ බුදු එළිය විහිදුවන්න දෙමළ නඩුකාරතුමිය දුන් ඓතිහාසික නඩු තීන්දුව !

colombotoday

පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අනතුරකින් ජීවිතක්ෂයට

Admin

යාපනය අධි ආරක්ෂත කලාපයේ මයිලිඩ්ඩි වරාය සහ අක්කර 54ක් මුදාහැරේ !

colombotoday

විමල්ගේ ඇප ඉල්ලුම මහාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප කෙරේ

colombotoday

ජනපතිගෙන් ඓතිහාසික චක්‍ර ලේඛයක්… මැති ඇමතිලාගේ පුද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට, රජයේ වැඩවලට ඇගිලි ගැසීම තහනම් !

colombotoday

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday