Colombo Today Local News

මෙරට පාසල්වල ඉන්නා ළමයින් ගණන හරියටම දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

akila

මෙරට පාසල්වල ඉගෙනුම ලබන සිසුන් හරිහැටි තමන් නොදන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ, අද (15දා) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති 2015 වසරේ පාසල්වල ක්‍රියාත්මක කරනු ලැබූ විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ වැඩසටහනේ සම්මාන ප්‍රදානෝත්සවයේදීය.

“පාසල් සිසුන්ගේ ගුණාත්මකභාවය ඉහළ දමන ආකාරයේ වැඩසටහනක් හඳුන්වාදිය යුතුයි. පන්තියක ළමුන් 40 ක් ඉන්නවා නම්, ඔවුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ වෙන වෙනම ඇගයීමකට ලක්කළ යුතුයි. ඒ නිසයි අපි හිතන්නෙ සමස්ත පද්ධතියම පරිගණක ගත කළ යුතුයි කියලා. මම දන්නෙ නැහැ අපේ පාසල් පද්ධතිය තුළ හරියටම ළමයි කීයක් ඉන්නවාද කියලා. ඒ නිසා යාවත් කාලීන වන පද්ධතියක් අවශ්‍යයි.” යනුවෙන් අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

Related posts

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday

තේ වගාවට පොහොර අඩුවට දෙන්න ආණ්ඩුවෙන් තීරණයක්

Admin

මුතුරාජාවෙල තෙත් අභයභුමිය ගැන රජය ගත් තීරණය

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday

අධ්‍යාපන සුදුසුකම් ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

Admin

කැෆේ කීර්ති ගෝඨා පරාජය කිරීමේ මෙහෙයුමක. ජනපතිට පැමිණිලි. මෛත්‍රී ගුණරත්න යලි මධ්‍යමට?

colombotoday