Colombo Today Local News

14 හැවිරිදි ළමයකු පැදවූ රිය ගුරුවරයා යට කර පලා ගිහින්

කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් නිවාස සංකීර්ණය අසල දී මෝටර් රථයක් සහ යතුරැ පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

14 හැවිරිදි සිසුවෙකු පැදවූ මෝටර් රථයක් 73 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයකු පැද වූ යතුරු පැදියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර ගුරුවරයා බරපතළ තුවාල ලබා වෑතර රෝහලට ඇතුළත් කර ඇති බව කහතුඩුව පොලිසිය පවසයි.

අනතුරින් පසුව සිසුවා පලාගොස් ඇති අතර පසුව නීතිඥවරයෙකු මගින් පොළීසියට භාර වූ පසු පොළීසිය අත්අඩංගුවට ගෙන ඇත.

සිසුවා සිය පියාට අයත් මෝටර් රථයේ මිතුරකු නංවාගෙන අතුරු මාර්ගයක සිට පැමිණීමේදී ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ගුරුවරයා පැදවූ යතුරුපැදියේ ගැටී තිබූ බව පොලිසිය පවසයි.

මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති නිසා තිරිංග ත්‍රියාත්මක නොවී මීටර් 23ක් පමණ ඉදිරියට ඇදී තාප්පයක වැදී වාහනය නතර වී ඇත.

සැකකාර සිසුවා කොළඹ ප්‍රසිද්ධ පාසලක නමවන ශ්‍රේණීයේ අධ්‍යාපනය ලබන්නෙකි.

සිසුවා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සිසුන් මත් කරන පානයක් ඇමැති අනුහසින් කරළියට – තත්ත්ව සහතිකය දීමට සුරාබදු පස්ස ගහයි

colombotoday

රිය අනතුරකින් පාසල් සිසුවියක් පදික මාරුවේදී මරුට

colombotoday

බලු දඩයක් එයි.. ලියාපදිංචි නොකළොත් දහදාහක් දඩ

colombotoday

සීනි, තෙල් ලෙඩ කෑම.. ජනතාවගේ සෞඛ්‍ය රැකගන්න බදු වැඩි කරනවා – සෞඛ්‍ය ඇමති

colombotoday

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

colombotoday

IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Admin