Colombo Today Local News

බලාගාරවලට ඉතාමත් ඉක්මනින් අවශ්‍ය ඉන්ධන අවශ්‍යයි

ජල විදුලි බලාගාර ආශ්‍රිතව මේ දිනවල ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙන හෙයින් ජල සංචිත ක්‍රමයෙන් පහළ බැස ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව සියයට 85ක්ව පැවති සංචිතය මේ වනවිට සියයට 80 දක්වා පහළ බැස ඇත.

බලාගාර ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ වර්ෂාපතනය පසුගිය සති කිහිපයේ ප්‍රමාණවත්ව ලැබීම හේතුවෙන් සියයට 80 කට ආසන්නව විදුලි නිෂ්පාදනයක් සිදු කළේ ජලයෙන් බවය.

නමුත් මේ වනවිට ජලයද සීමා වීමේ තත්ත්වයක් මතුවී ඇති බව ඔවුහු කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ජල සංචිත තව තවත් පහළ යෑමේ අවදානමක් ඇති බැවින් තිබෙන සංචිත ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා ඉතාමත් ඉක්මනින් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සැපයීම මේ අවස්ථාවේ වැදගත්ම කරුණක් බවය.

Related posts

ජාතික පුෂ්පයටත් වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

colombotoday

නව මැතිවරණ කොමිසමට හිටපු තිදෙනාම නැහැ

colombotoday

අධිවේගීමාර්ගයන්ට නව නීති රීති

Admin

“යමපාලනයේ වැඩ හෙමින්, ගමන උඩින්“ හෙලිකොප්ටර් ගායේ නොකී රහස් ගම්මන්පිල හෙළිකරයි

colombotoday

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

colombotoday