Colombo Today Local News

කරාපිටිය රෝහලේ වකුගඩු සැත්කම් නැවතිලා… රෝගීන් දැඩි අසීරුවට පත්වෙයි

වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගින්ට ලබාදෙන ඖෂධ නොමැතිවීම නිසා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධකිරිමේ සැත්කම් දැනට මාසයක පමණ සිට තාවකාලිකව නතර වී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යු.එම් රංග පවසයි.

මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 03ක පමණ හිගයක් පවතින බවය.

මෙම ඖෂධ ඉතා මිල අධික බවද හෙතෙම පවසයි. මේ නිසා වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බවත් දැනට ලැබී ඇති ඖෂධ ප්‍රමාණවත් නොවන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා දකුණු පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන් මෙම තත්වය නිසා දැඩි අසීරුවට පත්ව ඇත. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය රංජුක උඹේසිරි විසින් මේ වනවිට කරාපිටිය රෝහල තුළ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 150ට අධික සංඛ්‍යාවක් සිදුකොට ඇත.

Related posts

ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 91කින් පරාජය කෙරේ

colombotoday

රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

colombotoday

මේ දිනවල මාගේ ග්‍රහචාරය උච්චයි… මා ජනපතිවීම ස්ථීරයි !

colombotoday

ශ්‍රී සුමංගල විදුහලේ රාමසාන් සමරන්න ගිහින් උණුසුම් තත්ත්වයක්.. දෙමාපිය විරෝධයෙන් සංහිදියා නාඩගම අකුලාගනී

colombotoday

කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන පහසුකම් පුළුල් වෙයි | නව විගමන කවුළු ඇමති ප්‍රසන්නගේ නිරීක්ෂණයට

colombotoday

උත්සව සමයේදී සතොසෙන් අඩුවට සහල්

colombotoday