Colombo Today Local News

මීටර් 23ක් උඩ විසිවී පරලොව ගිය වයෝවෘද්ධ කත

අද (13) පෙරවරුවේ බණ්ඩාරගම කළුතර මාර්ගයේ යටියන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

බණ්ඩාරගම සිට කළුතර දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පා ගමනින් එම දිසාවටම යමින් සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ ශරීරයේ පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මිය ගියේ බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි දෙදරු මවකි.

කාන්තාව මෝටර් රථයේ ගැටීමත් සමගම මීටර් 23 ක් ඈතට උඩින් විසි වී මාර්ගයේ පසෙක වැටී ඇති අතර අනතුරුව රියදුරුට මෝටර් රථය නවතා ගැනීමට හැකි වී ඇත්තේ අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 70 වකට අධික දුරක් ගොස් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෝටර් රථය පැදවූ 23 හැවිරිදි තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ රෝහල් ගත කෙරේ. බන්ධනාගාරය තුලදී නිලධාරියෙකුගෙන් පහර දීමක්.

colombotoday

හමුදාවට එරෙහි අභූත චෝදනා ගැන රජය නිහඩ ඇයි? – විමල්ගෙන් ජනපතිට සැර බර ලිපියක්

colombotoday

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday

කොටි හිතවාදී Lankasri මාධ්‍යය ආයතනයේ කොළඹ ලොක්කාගෙන් මාධ්‍යවේදියෙකුට තර්ජන.

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

colombotoday

ධම්මික පෙරේරා කෝටි දහසකට සිංගර් සමාගම මිලදී ගනී !

colombotoday