World

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

මහ රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට පැමිණෙන රාජ්‍ය නායකයන්,අනෙකුත් රටවල රාජකීයයන් සහ සම්භාවනීය අමුත්තන් හට ලන්ඩන් නුවරට පැමිණීමට වාණිජ ගුවන් යානා භාවිතා කරන උපදෙස් දී ඇත.

රැජින‍ගේ දේහය 19 වැනිදා තෙක් මහජන ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබෙන අතර ඒ සඳහා පැමිණෙන ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් බ්‍රිතාන්‍ය රජය නිකුත් කර ඇත. එම උපදෙස් මාලවට අනුව රාජ්‍ය නායකයන්,අනෙකුත් රටවල රාජකීයයන් සහ සම්භාවනීය අමුත්තන් පෞද්ගලික ගුවන් යානා භාවිතා නොකළ යුතු වේ. රැජිනගේ අවමංගල්‍ය උත්සවයට පැමිණෙන රාජ්‍ය නායකයන්ට පෞද්ගලික මෝටර් රථ භාවිත කිරීමට අවසර නොමැති අතර බසයෙන් වෙස්ට්මිනිස්ටර් ඇබි දේවස්ථානයට දක්වා ගමන් කළ යුතු බව එම උපදෙස් මාලාවේ දක්වා ඇත.

එළඹෙන 14 වැනිදා සවස 5 සිට සැප්තැම්බර් 19 වැනිදා උදේ 6.30 දක්වා මහජනතාවට පැය 24 පුරාම රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

විශාල ජනකායක් සහභාගී වීමට නියමිත බැවින් පැමිණෙන මහ ජනතාවට රැය පහන් වනතුරු පෝලිමේ සිටීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.

එම අවස්ථාවේදී දැඩි ආරක්ෂාක ක්‍රියාමාර් ග අනුගමනය කිරීමට නියමිත අතර වෙස්ට්මිනිස්ටර් ශාලාවට කුඩා බෑගයක තමන්ට අවශ්‍ය ඇඳුම් සහ ආහාර පමණක් රැගෙන පැමිණිය හැකි බව එම උපදෙස් මාලාවේ සඳහන් වේ.

ජාත්‍යන්තර අමුත්තන් රැගෙන එන දූත පිරිස හැකිතාක් සීමා කරන ලෙසත් ආරාධනය ලබා දී ඇත්තේ රාජ්‍ය නායකයාට සහ ආර්යාවට පමණක් බවත් එම උපදෙස් මාලාවේ දැක්වේ.

Related posts

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට දරුණු ප්‍රහාරයක්

Admin

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයි

colombotoday

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට

colombotoday

පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි

colombotoday