Colombo Today Local News

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා රුපියල් මිලියන 170 ක වටිනාකමින් යුත් මියන්මාර සුදු සහල් මෙට්‍රික් ටොන් 1000 ක්, මියන්මාර රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත 2022 සැප්තැම්බර් 2 වැනි දින පරිත්‍යාග කරන ලදි.

මෙම සහල් තොගය 2022 සැප්තැම්බර් 4 වැනි දින නැව්ගත කෙරිණි. එය 2022 සැප්තැම්බර් මස අග වන විට කොළඹ වරායට ළඟා වනු ඇත.

මියන්මාරයේ යැන්ගොන් හි පිහිටි ඒෂියා වර්ල්ඩ් පෝර්ට් පර්යන්තයේ පැවති උත්සවයක දී, මියන්මාර රජයේ වාණිජ්‍ය අමාත්‍ය යූ.අවුන් නයින් ඕ විසින් මෙම සහල් තොගය මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙන ලදි.

මෙම සහල් තොගය භාර ගත් තානාපති ජනක බණ්ඩාර, මෙම අභියෝගාත්මක අවස්ථාව හමුවේ ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 1000ක් පරිත්‍යාග කරමින් සිය ත්‍යාගශීලී බව විදහා දැක්වූ මියන්මාර රජයට සහ එහි ජනතාවට සිය කෘතඥතාව සහ අවංක ස්තුතිය පුද කළේ ය.

Related posts

ඥානසාර හිමි සිරගත කල ආණ්ඩුවට උත්තර දෙන්න ජනතාව බලාගෙන ඉන්නවා

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් හමුවූ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා යයි…

colombotoday

“අනිත් හොරු අල්ලන්න කලින් තමන්ගේ හෙළුව වහගත්තනම් හොදයි” – රාජිත පියපුතුට එජාපයෙන් ප්‍රහාරයක්

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

“මහ ඇමති මුස්ලිම් වුණත් කමක් නෑ.. උතුර නැගෙනහිර එක්කර එක පළාත් සභාවක් ඕනමයි“ – TNA

colombotoday

ඖෂධ මිල සියයට 29 කින් ඉහළ දැමීමට අවසර

colombotoday