Colombo Today Local News

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු දීමට කැබිනට් අනුමැතිය

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට උපරිම වසර 5ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ තිබුණේ, 2022 ජුනි මස 13 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණයක් අනුවයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සඳහා වන ‌ යෝජනාවට අද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

Related posts

ජනපතිත් මැතිවරණ නීතී උල්ලඝණයක?

Admin

අසාත් සාලි ඉවතට !!

colombotoday

රජයේ සයිබීරියාව අහෝසි කරයි

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නත් පුළුවන්… ආණ්ඩුව තීරණය කරන බලවේගය අපියි – ආණ්ඩුවේ රෙදි ගලවා දමමින් සුමන්තිරන් කියයි.

colombotoday

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

colombotoday

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් | දැරියගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් නියෝග

colombotoday