වැල්ලවත්ත,මායා මාවත ප්රදේශයේ පිහිටි ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
මෙම ගොඩනැගිල්ල මහල් 12 කින් යුක්ත වන අතර ඇද වැටුණු මෙම පුද්ගලයා 11 වන මහල පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි බවයි විමර්ශනවලදී හෙළිව තිබේ.
එහිදී මොහු ජනේලයක් අසළින් බිමට වැටී ඇති බවත් මෙම පුද්ගලයා අවුරුදු 46 ක් වයසැති කිරුලපන ප්රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය පවසයි.