Colombo Today Local News

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙයි…

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (03) දිනයේ පැය 18ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ(2)දින නිවේදනය කළේය.

පෙරවරු 08.00 සිට හෙට (04) අළුයම 02.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව, අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවයි.

මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට සහ රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව දන්වා තිබේ.

අඹතලේ ජල පොම්පාගාරයට ලබාදී ඇති විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.

Related posts

සිංහල භාෂා පළාත් 7යි.. දෙමළ පළාත් 2යි – අළුත් ව්‍යවස්ථාව හැදෙන හැටි සම්බන්ධන් කියයි

colombotoday

වාසු ප්‍රබල තීරණයක් ගනී

Admin

කෝප් කමිටු සභාපතිකම නැවතත් හදුන්නෙත්තිට !

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්

colombotoday

හලාල් සහතිකයෙන් ගන්නා මුදල් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට… හලාල් එපා ! – පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක්

colombotoday

කේරළ ගංජා කිලෝ 5 ක් STF භාරයට

colombotoday