Colombo Today Local News

ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පළමු අය – වැය අද පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ පළමු අය – වැය අද(30)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2021 අංක 30 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30)දින සිදු කරනු ලැබේ.

2022 වර්ෂයේ ඉතිරි කාලය සඳහා මෙම විසර්ජන පනත් කෙටුම්පත පෙර ඉදිරිපත් කරන ලද විසර්ජන පනතට සංශෝධනයක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවිමේ විවාදය හෙට සිට ලබන 02 වැනි දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.

ඉදිරිපත් කෙරෙන සංශෝධනවලදී පැවති ප්‍රාග්ධන වියදම් රැසක්, පුනරාවර්තන වියදම්වලට මාරු කෙරේ.

Related posts

ගාල්ලේ උද්ඝෝෂකයන් ඉදිකළ අනවසර ඉදිකිරීම් පොලීසිය ඉවත් කරයි

colombotoday

මහින්ද එලවා දැමූ නිසා හොදට ගියා.. ජාතිවාදයට දැන් ඉඩ ඇත්තේම නෑ – හෙළ උරුම සම සභාපති කරූ

colombotoday

“බැදුම්කර වෙන්දේසියට උපදෙස් දුන්නේ අගමැති වික්‍රමසිංහයි” – අර්ජුන් මහේන්ද්‍රන් මුල්වරට පිළිගනී

colombotoday

හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 293ක් දිවයිනට

colombotoday

උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයි

colombotoday

“එකිනෙකා මරාගන්න මුස්ලිම් අන්තවාදී කල්ලි මෙරට ක්‍රියාත්මකයි“ අධිකරණ ඇමති

colombotoday