Colombo Today Local News

T 56 පතොරම්, ගංජා හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් සන්තකයේ තබා ගත් 4ක් අත්අඩංගුවට..

T 56 පතොරම්, ගංජා හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත වව්නියාව, තේක්කවත්ත ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් ප්‍රදේශයේ 42 හැවිරිදි සැකකරුවෙකු සන්තකයේ තිබී T56 සජීව පතොරම් 30ක් සොයාගත් බව පොලිසිය පවසයි.

ඔහු හමුදා විශේෂ බලකායට අනියුක්තව සිට විශ්‍රාම ලබා සිටින සෙබළෙකු බව ද පොලීසිය සඳහන් කරයි.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 850 ක් සොයා ගෙන ඇති අතර 31 හැවිරිදි අදාල පුද්ගලයා මාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඔවුන් යම් අපරාධයක් කිරීමේ අරමුණින් රැඳී සිටියා ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Related posts

ඇමති විජිත පළමු කැබිනට් මාධ්‍ය හමුවෙන්ම වරද්දාගෙන?

Admin

ජනපතිගේ කඩුවට කැපෙන එජාප ප්‍රබලයෝ මෙන්න

colombotoday

යාපනය අච්චුවේලි, පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්… නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

colombotoday

මහ කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කෙරේ…

Admin

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

තවත් ගෑස් පිපිරීමේ සිද්ධි 3ක්. දැනට අනතුරු 5යි

colombotoday