Colombo Today Local News

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

පිළියන්දල, ගොරකපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් මෙලස ජීවිතක්ෂයට පත්ව තිබේ.

බරපතළ තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

බෝකුන්දර ප්‍රදේශයේ මාර්ගයක තරගයට යතුරුපැදි ධාවනය කිරීමට ගොස් මෙම අනතුර සිදුව ඇත.

එහි ධාවනය කරවූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරට ලක්ව ඇති යතුරුපැදි දෙකෙන් එක් යතුරුපැදියක් මේ වනවිට අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

අනෙක් යතුරුපැදිය බෝකුන්දර ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතය.

කෙසේ වෙතත් අනතුර සිදුවන්නට මොහොතකට පෙර මියගිය තරුණයා යතුරුපැදියක නැගී ගමන්කරන අයුරු සහ අනතුර සිදුවූ අවස්ථාවේ දර්ශන කිහිපයක් ජංගම දුරකථනයක පටිගතව ඇත.

Related posts

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන් හිඟයක් නෑ. 10ක් ඉන්නවා.

colombotoday

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක් හෙළිවේ

colombotoday

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කරනවා කියා ඇමතුම් දුන් මොහොමඩ් අත්අඩංගුවට

colombotoday

නීතිවිරෝධී ඖෂධ සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් ගුවන්තොටුපොළේදී රේගු භාරයට

colombotoday

හෙළ උරුමය රතන හිමිට එරෙහිව යුද ප්‍රකාශ කරයි.. වහා විනය පරීක්ෂණයක් කැදවයි !!

colombotoday

“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Video

colombotoday