Colombo Today Local News

ඉන්දියාවේ තෑග්ග කටුනායක ගුවන් හමුදා කදවුරට

ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබේ.

ඩෝනියර් වර්ගයේ මෙම ගුවන් යානය මගින් ඉලෙක්ට්‍රොනික යුද මෙහෙයුම්, සමුද්‍ර නිරීක්ෂණ කටයුතු සහ ආපදා සහන කටයුතු සදහා යොදා ගැනීමට හැකියාව පවතින අතර ටර්බෝ ප්‍රොප් එන්ජින් දෙකකින් බලගන්වා ඇත.

මෙම ගුවන් යානයට කෙටි ගුවන් ගත කිරීම් මෙන්ම හදිසි ගොඩ බැස්සවීම් කටයුතුවලද නිරත විය හැකිය.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට බාර ගැනීමේ උත්සවය සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ සහ ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් ගෝර්මඩේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Related posts

අළුත් ව්‍යවස්ථාවට විරුද්ධ විය හැක්කේ ද්‍රෝහීයෙකුට පමණයි – අධිකරණ ඇමති

colombotoday

ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…

Admin

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10යි. ලංකාවට ඩොලර් 15 යි. වැඩි ඩොලර් 5 යන්නේ කාටද?

colombotoday

නැකැත් නෑ… අධිවේගී මාර්ග මේ අවුරුද්දේ හදන්න වෙන්නෑ – ඇමති කිරිඇල්ල

colombotoday

ආණ්ඩුව ඩොලර් බිලියන් 14 ණය අරන්.. බෝක්කුවක්වත් හදා නෑ.. රාජගිරිය පාලමටත්, මොරගහකන්දටත් පිවිසුම මගේ ආණ්ඩුවෙන්

colombotoday

දේශය සුරැකි රන් අසිපත

colombotoday