Colombo Today Local News

ඉන්ධන කෝටාව අලුත් කරයි

අද(15) අලුයම 12:00 සිට QR කේතය යටතේ ලැබෙන ඉන්ධන කෝටාව ස්වයංක්‍රීය ලෙස යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව පසුගිය සතියේ QR කේතය අනුව වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණයන්ම මෙම සතියට යාවත්කාලීන ලෙස ලබාගත හැකිවනු ඇත.

මෙම සතියේ දත්ත විශ්ලේෂණයෙන් පසු එළැඹෙන සතිය සඳහා අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

ඉන්ධන කෝටාව වෙනස් විය හැකි බවට අනුමාන කිරීම් පැවතියද, බලධාරීන් විසින් මෙම සතිය සඳහා ද පසුගිය සතියේ ලබා දී ඉන්ධන ප්‍රමාණයම ලබා දී තිබේ.

  • යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 04යි.
  • ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 05යි.
  • වෑන් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
  • කාර් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
  • ඉඩම් වාහන සඳහා පෙට්‍රල් ලීටර් 15.
  • ලොරි රථ සඳහා පෙට්‍රල් ලීටර් 50.
  • බස් රථ සඳහා ඩීසල් ලීටර් 40යි
  • ත්‍රීරෝද රථ සඳහා ඩීසල් ලීටර් 05යි.
  • වෑන් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
  • කාර් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
  • ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර් 15.
  • ලොරි රථ සඳහා ඩීසල් ලීටර් 50.

Related posts

20 විරෝධයක් ගැන තමන්වහන්සේව දැනුවත්ව කර නෑ – රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමි කියති

colombotoday

‘විල්පත්තුව මුස්ලිම් උරුමයක් නොවේ‘ සාලිගේ ජාතිවාදී වියරුවට රංගේ බණ්ඩාරගෙන් ප්‍රහාරයක්

colombotoday

මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 3ක් හුදකලා කරයි

colombotoday

බෝරා ප්‍රධානියා 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් ශ්‍රී ලංකාවට

colombotoday

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

කොටහේනේ අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි.

colombotoday