Colombo Today Local News

පිස්තෝලයක් සහ ජීවිත වැනසිය හැකි භයානක අවියක් සමග හිටපු SI අත්අඩංගුවට

කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 61 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ මාර්ග බාධකයකදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය.

එම කුඩා ගිනි අවිය, ඊට යෙදිය හැකි ජීව උණ්ඩ 2ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 3ක්, උල් පිහියක්, ව්‍යාජ ලෙස සකස්කරන ලද ජාතික හැඳුනුම්පතක් සහ යතුරුපැදියක් ද එහිදී සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම රිවෝල්වරය අඟල් 5ක් පමණ ප්‍රමාණයකින් සමන්විත වන අතර එය අත්ල තුළ සඟවාගෙන යාමට හැකිවීම විශේෂත්වයකි.

ගිනි අවියේ නිෂ්පාදිත රට පිළිබඳව තොරතුරු මේ දක්වා අනාවරණය වී නොමැත.

පසුව සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වළදී අනාවරණය වී ඇත්තේ සැකකරු පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක්ව අසනීප හේතු මත පොලීසියෙන් ඉවත් වූ අයෙකු බවය.

ඒ අනුව ඔහු 1987 වසරේදී පොලිස් සේවයට එක්ව ඇති අතර වර්ෂ 1990දී සේවයෙන් ඉවත්ව ගොස් ඇත.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීම්වළදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම ගිනි අවිය මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවත් තම ආරක්ෂාවට එය ළඟ තබාගෙන සිටි බවත්ය.

සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මහරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

මුස්ලිම් ගම්මානයකින් ගුවන් යානා නාශක උණ්ඩ 5ක් සහ ඩෙටනේටරයක් සොයාගැනේ

colombotoday

පල්ලියේ ලෙබ්බේ දුෂණය කළ මුස්ලිම් කාන්තාවකගේ පාපොච්චාරණය

colombotoday

බුදු දහමට අනුව මා දුමින්දට සමාව දී අවසන්. නමුත් සිරගෙවල්, නීතිය, විනිසුරුවරුන් කුමකටද? – හිරුනිකා ජනපතිගෙන් අසයි.

colombotoday

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

colombotoday

වසර 1800 කට පෙර සිටි මළතිස රජුගේ රන්කරඩුව සොයාගනී. | බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් ඇති බවට සාධක හමුවේ.

colombotoday

වූහාන් ලාංකිකයන් මත්තලට ගොඩබසිද්දී, ඉන්දියානුවන් ගෙන එන්න ඉන්දීය යානයක් වූහාන් බලා පිටත් වෙයි…

colombotoday