Colombo Today Local News

හිටපු ජනාධිපති ගෝඨාභය සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14ක් ඉල්ලයි

883/83

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14 කින් එරට රැඳීසිටීමේ බලපත්‍රය දීර්ඝ කරවාගැනීමට අයැදුම් කර ඇති බව වාර්තා වේ.

මූලික සංචාරක ‘වීසා’ කාලය අවසන් වීමත් සමග පසුගිය මාසයේ 27 වැනිදා සිංගප්පූරු බලධාරීන්ගෙන් හිටපු ජනාධිපතිවරයාට තවත් දින 14ක රැඳීසිටීමේ දිගුවක් ලැබුණු අතර, එම දීර්ඝ කිරීමේ කාලය මේ සතියෙන් (අගෝස්තු 11)දින අවසන් වීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයාට තවත් දින 14ක කාලයක් සිංගප්පූරුවේ රැඳීසිටීමේ දිගුවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ නිල මැදිහත්වීමක් සිදුනොවන බව පැවසේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා අගමැති කාර්යාලය විසින් හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ රැඳීසිටීම සම්බන්ධයෙන් සොයාබලන බව වාර්තා සඳහන් කරයි.

පසුගිය ජූලි 9 වැනිදා රට පුරා දියත් කළ ජනතා විරෝධතාවලින් පසු හිටපු ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය අතර පළමුව මාලදිවයිනටත්, ඉන් අනතුරුව ජූලි 14 වැනිදා සිංගප්පූරුවටත් පැමිණියේය.

Related posts

ජනපතිගේ තීරණයට එජා. මහලේකම්ගෙන් පැසසුම්.. ඇමරිකානු තානාපතිටත් සතුටුයි !

colombotoday

කොළඹ මහ රෝහලේ සේවකයො ලක්ෂ 80ක බෙහෙත් පන්නලා

colombotoday

යකඩ කූරක් ඇණුනා කී විදුලිබල සේවකයා මියගියේ ආසාවට පොලිස් පිස්තෝලයක් අතගාන්න ගිහිං

colombotoday

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 16ක් සූදානම් කර අවසන්

colombotoday

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ රතු නිවේදන

colombotoday