Colombo Today Local News

මන්ත්‍රීකම විතරක් මදි… ෆොන්සේකා කෝට්ටේ එජාප ආසන සංවිධායකකමත් ඉල්ලයි!

sarath fonseka

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කෝට්ටේ ආසන සංවිධායක කටයුතු කිරීමට ඉල්ලා ඇතැයි එජාප අභ්‍යන්තර තොරතුරු මාර්ගවලින් වාර්තා වේ.

කෙසේ වෙතත් පක්ෂ නායකත්වයෙන් එයට එකගතාවක් ලැබී නොමැති අතර අම්බලන්ගොඩ ආසන සංවිධාන කටයුතු භාරගන්නා ලෙස ෆොන්සේකා මහතාට ආරාධනාවක් ලැබී ඇතැයිද වාර්තා වේ.

එජාප ජාතික ලැයිස්තුවෙන් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් එජාපය අභ්‍යන්තරයේද දැඩි විරෝධයක් මතුව ඇති අතර හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය එම පත් කිරීමට විරෝධය පලකරමින් පවසා තිබුනේ දිගු කලක් තමන් පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීමට නිසි ඇගයීමක් නොලැබුණු බවත්, පිටස්තර අයෙකුට එජාප ජාතික ලයිස්තුවෙන් ඉඩ ලබා දීම නිසා පාක්ෂිකයන්ට දැඩි අසාධාරණක් සිදුව ඇති බවයි.

සරත් ෆොන්සේකා මහතා එජාප ජතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද දැඩි ලෙස උරණව සිටින අතර ඒ පිළිබදව තම හිතවත් එජාප මන්ත්‍රීවරුන් සමග දැඩි කළකිරීමකින් අදහස් දැක්වූ බවද වාර්තා වනවා.

Related posts

කෑම වලට වද බෙහෙත් දමන බව මුස්ලිම් හෝටල් සේවකයා පිළිගනී.. අම්පාර ගිනියම්කළ සිද්ධියේ වීඩියෝව එළියට

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

colombotoday

කොළඹ අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස

Admin

පොලිස් ඇමතිගෙන් CIDයට නියෝගයක්

Admin

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

colombotoday