Colombo Today Local News

ඇඟලුම් උපාංගවලට තීරු බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය

දේශීය ඇඟලුම් නිෂ්පාදකයින්ට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරුබදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් දේශීයව නිෂ්පාදනය නොකරන, ඇඟලුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී දේශීය ඇඟළුම් නිෂ්පාදකයා අභියෝග රාශියකට මුහුණ දී සිටී.

ඊට පිළියමක් වශයෙන් සංයෝජික වර්ගීකරණ (HS) කේත අංක 19ක් යටතේ වන දේශීයව නිෂ්පාදනය නොකරන උපාංග අයිතම් සඳහා තීරු බදු සහන ලබා දීම සඳහා කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Related posts

ඉන්ධන ඉල්ලා ගොවි මහතෙකු ගසක් උඩ මාරාන්තික විරෝධතාවක.

colombotoday

චූඩා මාණික්‍ය කියන්නේ නිකං පළිගුවක්… ඒක බිම තියෙද්දී පෝලිං ගහල වදිනව – එජාප මන්ත්‍රී අශෝක් අබේසිංහ

colombotoday

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…

Admin

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්

colombotoday