Colombo Today Local News

අලුත් මුහුණු හතරකට ආණ්ඩු පක්ෂයේ තනතුරු

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක් සහ සහකාර සංවිධායකවරු දෙදෙනෙක්ද පත් කරනු ලැබ සිටිති.

මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙසද කෝකිලා ගුණවර්ධන සහ නීතිඥ මධුර විතානගේ සහ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් සහකාර සංවිධායකවරුන් ලෙසද පත් කරනු ලැබ ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එම තනතුරුවලට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම මන්ත්‍රිවරුන්ට අගමැති කාර්යාලයේදී ඊයේ (27)දින බාර දෙනු ලැබීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපති අතිරේක ලේකම් හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හා සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

Related posts

වැලිකඩ රැඳවියන් වහළය උඩ විරෝධතාවක | ඉල්ලීම් ඉටුකල නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි

colombotoday

හම්බන්තොට පිරිපහදුවට කැබිනට් අනුමැතිය ගත්තේ කංචන?

Admin

දකුණු ලකේ සාහිත කලා සුරු විරුවන් පුදන කෝරළාභිමානී සම්මානයෙන් පිදුම් ලැබූ ලොව ප්‍රථම ප්‍රවෘත්ති නිවේදක භික්ෂූන් වහන්සේ !

colombotoday

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

ලෝක කාන්තා දින ජාතික උත්සවය ඇමති සාගලගේ ප්‍රධානත්වයෙන්

colombotoday

ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවන් වැල නොකැඩී විදේශ ගත වෙයි – මෙරට ගුවන් යානා පදවන්න එතෙරින් ගන්න යයි

Admin