Colombo Today Local News

කොමිස් අඩු කළැයි තෙල් බෙදුම්කරුවන් ඇණවුම් අත්හිටුවයි

ඉදිරි දිනවලදී ඛනිජ තෙල් බෙදුම්කරුවන් ඒකාබද්ධව ඇණවුම් කිරීම අත්හිටුවීමට කටයුතු කර ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන නොමැතිව මුළු රට ම අකර්මණ්‍ය විය හැකි බව ත් බෙදුම්කරුවෝ කියයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දෙන කොමිස් මුදල 3% සිට 1%ක් දක්වා අඩු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔවුන් පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම හේතුවෙන් මෙසේ කොමිස් මුදල අඩුකර ඇතැයි දැනගන්නට ලැබී ඇති බව ත් එම පාඩුව අවම කර ගැනීමට තමන්ගේ කොමිස් මුදල අඩු කිරීම අසාධාරණ බව ත් බෙදුම්කරුවන් කියයි.

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන තොග ඇණවුම් නොකිරීම හේතුවෙන් ජනතාවට ඉන්ධන නොමැති තත්ත්වයක් ඉදිරියේදී ඇති විය හැකි බව ත් මෙම තත්ත්වයෙන් ජනතාව තවදුරට ත් අපහසුතාවට පත්වනු ඇති බව ත් ඔවුන් වැඩිදුර ටත් කියයි.

Related posts

පිල්ලෙයාන්ගේ කාර්යාලයකින් බෝම්බ දෙකක් සොයා ගනී

colombotoday

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

Admin

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday

බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව ඕනමයි.. ශ්‍රීලනිප පිං ඇමතිලා ජනමත විචාරණයට බාධාවක්

colombotoday

’’මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න’’ – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin