Colombo Today Local News

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ක ප්‍රදේශයට කිසිඳු පාර්ශවයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව පොලිසිය ඉල්ලා සිටියේ බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළට කිසිදු පාර්ශවයක් ඇතුළුවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත.

Related posts

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙකු ලබන 26 තෙක් රිමාන්ඩ්

colombotoday

“කසාවතට ගල් ගැසූ නරුමයන් පන්නනු“ – හම්බන්තොට රත්වෙයි.. විරෝධතා යළි ඇරඹෙයි

colombotoday

පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකු බීමතින් අහසට වෙඩි තියලා

Admin

රඹෑව ප්‍රදේශයේදි අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

ආණ්ඩුවේ සංස්කෘතික සංදර්ශනය වෙනුවට මහින්දගෙන් රණවිරු විජයග්‍රහණ සැමරුමක්

colombotoday

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday