Colombo Today Local News

යූරියා පොහොර වල බර අනුව පමණක් මිල නියම කරයි

පොහොර බෑගයක අඩංගු යූරියා පොහොර වල බර අනුව පමණක් ගොවීන්ගෙන් මුදල් අයකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දඹුල්ල ප්‍රදේශයේ ගොවීන්ට ලබාදුන් යූරියා පොහොර බෑග්වල නිසි බරින් යුත් පොහොර ප්‍රමාණයක් අන්තර්ගත නොවන බවට පළ වී තිබූ තොරතුරු පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මෙම කාරණය සැලකිල්ලට ගනිමින් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමේ පොහොර බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කර ඇති ලේකම්වරයා දඹුල්ල ප්‍රදේශයට නිසි බරින් යුත් පොහොර ලබා නොදීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙි.

Related posts

අලුත උපන් බිලිදා පණ පිටින් වල දැමු මව අත්අඩංගුවේ

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday

බුද්ධි නිලධාරීන් යැයි කියමින් වාහන පරීක්ෂා කළ 2 ක් පොලිස් දැලේ

colombotoday

ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න

colombotoday

මංගලගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

colombotoday

ඖෂධ හා උපකරණ තරගකාරීව මිලදී ගැනීමේදී බාධා මග හැරවීමට නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්

Admin