අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමි සහ රාවනා බලයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අපෝසත් වීම හේතුවෙන් පොලිස් පරීක්ෂණ අවසන් නොමැතිබව අධිකරණයට දන්වා පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප ලබා නොදීම සදහා කටයුතු කිරීමට පොලිස් ප්‍රධානින් කිහිප දෙනකු තීරණය කර ඇතිබව පොලිස් ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.
මෙම සිදුවීම හේතුවෙන් සිංහල රාවය ලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ තවත් හිමි නමක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිනවා.