හෙට (15) දිනයේ ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට සේන්දු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් එලෙස මෙරටට සේන්දු වන බව එහි සභාපති උවයිස් මෙහොමඩ් මහතා සඳහන් කරයි.
ඒ සඳහා මේ වනවිටත් මුදල් ගෙවා ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
සභාපතිවරයා සාදාගන් කරන්නේ, තවත් පෙට්‍රල් හා ඩීසල් නෞකා කිහිපයක් ඉදිරි සතියේ මෙටට ළඟා වීමට නියමිත බවයි.
කෙසේ වෙතත් ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර අයි. ඕ. සී. ඉන්ධන පරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් පවතී.