Colombo Today Local News

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යයි – ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, බිරිය සහ ආරක්ෂකයන් දෙදෙනකු ගුවන් හමුදාවට අයත් නායක ගුවන් තොටුපොළේ සිට අද (13) අළුයම මාලදිවයින බලා රැගෙන ගිය බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමකට අනුව, ආක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය යටතේ, කටුනායක ගුවන් ගුවන්තොටුපොළේ ඇති ආගමන විගමන, රේගු යන ආයතනවල නීතිවලට යටත්ව මෙම ක්‍රියාව සිදුකළ බව ගුවන් හමුදාවේ නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 ගුවන් යානයෙන් මාලදිවයින බලා රැගෙන ගොස් ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනය පහතින්…..

Related posts

මුතුරාජවෙල ඉඩම් කොටසක් විදුලිබල මණ්ඩලයට පවරයි

colombotoday

අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ ඉන්ධන දීමනාව කපා හැරේ

colombotoday

රට බෙදෙන බලය බෙදීමක් වෙනුවට, ජනතාවට බලය බෙදන ‘සයිබර් පාර්ලිමේන්තුවක්‘ !

colombotoday

දෙමටගොඩ චමින්දගේ මවට බන්ධනාගාරය තුළ හෙරොයින් අලෙවියට පහසුකම් සැපයූ වූ නියාමකවරියක් කොටු

colombotoday

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

colombotoday

උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලුත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය

colombotoday