Colombo Today Local News

මහා සංඝරත්නය පිටකොටුවේ සත්‍යග්‍රහයක් අරඹයි – විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධතා පෙළපාලියකින් කොළඹට

මහා සංඝරත්නය විසින් මීට සුළු මොහොතකට පෙර පිටකොටුව බෝ ගස ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අඩංගු යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමින් මහා සංඝරත්නය විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.

මේ අතර ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස බලකරමින් ලබන සෙනසුරාදා (9 වැනිදා) පැවැත්වෙන විරෝධතාවට ජනතාවට ආරාධනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පාපැදිවලින් නුගේගොඩ සිට විරෝධතා පෙළපාලියකින් කොළඹ මහජන පුස්තකාලය දක්වා අද පෙරවරු පැමිණියේය.

රට මුහුණදී තිබෙන අවදානම් තත්ත්වය තුළ සියලු දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළු සියලුම පුරවැසියන් සෙනසුරාදා ආරම්භ කරන විරෝධතා ව්‍යාපාරයට සහභාගි වන ලෙස ආරාධනා කරන බව එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසීය.

Related posts

මහජන නියෝජිතයින් පී.සී.ආර්. පරීක්ෂණවලින් කට්ටි පනියි

colombotoday

යහපාලනය කජ්ජෙ ඉදන් රට කෑවා….

colombotoday

“ඇඹිලිපිටියේ ගව මස් විකිණිමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ” -ඇඹිලිපිටිය නගරධිපති

colombotoday

VIdeo: අද ජවිපෙ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා – මෛත්‍රි ගුණරත්න

colombotoday

දියතලාව බස් බෝම්බ සිද්ධියට හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

ජොනීට එරෙහි අල්ලස් නඩුව – ලිඛිත දේශනා ඉදිරිපත් කිරිමට නියෝග

colombotoday