අප්‍රකට මාධ්‍යවේදී, කොටි සංවිධානයේ ඔත්තුකරුවෙකු ලෙස සේවය කළ බවට හෙළිව ඇති ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සදහා තවත් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගිරිතලේ කදවුරට අනුයුක්තව රාජකාරි කළ මාණ්ඩලික සැරයන් කණිෂ්ක ගුණරත්න මෙසේ රිමාන් කර ඇත්තේ ලබන 09 වන දින දක්වායි. එක්නැලිගොඩ සිදුවීම පිළිබදව පරීක්ෂණ සදහා මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 7ත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.