Colombo Today Local News

රට රැක්ක සෙබල විරිය සාගතයෙන් රට මුදවන්න යොදවයි

යාන්ත්‍රික පාබලහමුදා සෙබලුන් දඹුළු හල්මිලෑව පුරන් කඹුරු අස්වැද්ද වීම ඊයේ (3)දින සුභ මෙහොතින් ආරම්භ කෙරිණි.

අනාගතයේ දිනක රටට ආහාර හිගයක් ඇති නොවන අන්දමට යුධ හමුදා සෙබලුන් යොදවා මෙරට පුරන් ඉඩම් අස්වැද්දවීමේ වැඩ සටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්යේ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දඹුළු හල්මිලෑව ප්‍රදේශයේ කුඹුරු විශාල ප්‍රමාණයක් මෙම යල කන්නයේ අස්වැද්දවීම නොකර අතහැර ඇති අතර එසේ අතහැර ඇති කුඹුරු වලින් අක්කර 5ක ප්‍රමාණයක මුං කවුපි වැනි බෝග වගාකිරිම යුධහමුදාවේ සෙබලුන් යොදාගෙන සිදුකිරිම ඊයේ දින ආරම්භ කරන ලදි.

යාන්ත්‍රික පාබල රේජිමෙන්තු මධ්‍යෂ්ථනයේ සේනා විධායක බ්‍රිගේඩියර් අබේසිංහ මහතාගේ සංවිධානය හා මග පෙන්වීම ඇතිව සිදුකරණු ලබන මෙම පුරන් කුඹුරු අස්වැද්ද වීමේ වැඩ සටහනට ශ්‍රි ලංකා යුධහමුදාවේ නියෙජ්‍ය මාන්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහත හා යාන්ත්‍රික පාබල රෙජිමෙන්තු බලසේනාධිපති බ්‍රිගේඩියර් බාලසූරිය මහත්මා ඇතුළු පිරිසක් ද සමග හමුදා සෙබලුන් රැසක් හා දඹුළුහල්මිලෑව ගොවිසංවිධානයේ නිලධාරින් ඇතූළු ගොවි මහත්වරුන් පිරිසක්ද සම්බන්ධ විය.

මෙම අස්වද්ධන ගොවි බිමිවල අස්වැන්න එම ගම්මානයේ ජනතාව අතර හා ආහාර හිගයකදි රටේ ජනතාවට ලබාදිමේ අරමුණ ඇතිව සිදුකරනු ලබයි.

මාතලේ මහින්ද උදයසිරි (දඹුල්ල)

Related posts

TNA ශ්‍රීධරන්ගේ ගල් පැළෙන බොරුවලට ආරක්ෂක ඇමති පිළිතුරු දෙයි

colombotoday

ව්‍යවස්‌ථා සම්පාදක සභාවෙන් ඊළමට දොරවල් අටක්‌!

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කරයි

Admin

ඇමෝනියා නයිට්රේජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකසිය හැත්තෑපහක් සමග දෙදනකු අත්අඩංගුවට

colombotoday

අමාත්‍ය පුරප්පාඩුවට වීරසේන ගමගේ

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් වු පාරිසරික හානියේ ගණනය කිරීම ඇරඹෙයි

colombotoday