Colombo Today Local News

FCIDය අහෝසි කරන්න අගමැති සමග ශ්‍රීලනිපය තීරණාත්මක සාකච්ඡාවක්

fcid

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිඇමැතිවරු ඉල්ලූ සාකච්ඡාව මේ සතියේදී ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිඇමැතිවරු මේ සතියේදී අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී හමුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස්පතිවරයා යටතේ පිහිටුවා ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා සාකච්ඡාවක් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු පිරිසක් ඉකුත් සතියේ අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගේ ඉල්ලීමට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මෙම සාකච්ඡාව මේ සතියේදීම දීමට තීරණය කර ඇත.

‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට විරෝධය දක්වමින් ශ්‍රීලනිප මැති ඇමැතිවරු විවිධ ප්‍රකාශ පසුගිය දිනවල නිකුත් කර තිබුණි.

 

Related posts

“හදිසි නීතිය පැනවීම ගැන එකඟ වන්නේ නැහැ”

colombotoday

ඩ්‍රෝන යොදා කෘමිනාශක ඉසින නුවරඑළියේ ගොවිපොළ. – තාක්ෂණයෙන් වැඩක් ගෙන ලාභ ගන්නේ මෙහෙමයි

colombotoday

ලංකාවට ආ බිරිඳයි පුතායි අතුරුදන්… ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්

Admin

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

සජබ එක්ක සාකච්ඡා ඕනේ නෑ, එජාප මහලේකම් ධූරයෙන් ඉවත්වෙන්න සුදානම් – අකිල විරාජ් කියයි

colombotoday

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ‘ලැම්ඩා’ මර්දනය කළ නොහැකි

colombotoday